විවිධ ඇඳුම් වලට ගැලපෙන මාල සහ කරාබු

0
11


විලාසිතා කියන්නේ දවසින් දවස වෙනස් වෙන , යාවත්කාලීන වෙන අපූරු දෙයක්. ඉතින් මේවා ගැන දැනගෙන ඉන්න එක විලාසිතා ගැන උනන්දු වෙන ඔබට හරිම වැදගත්. අද අපි ඔබට කියන්න යන්නේ විවිධ වර්ගයේ necklines වලට ගැලපෙන මාල සහ කරාබු පළඳින විදිය ගැනයි.

මාලය – V හැඩති ඇඳුම් කරකට බොහෝ වෙලාවට ගලපන්නට ඕනෙත් V හැඩැති මාලයක්මයි.එය සරල පෙන්ඩන්ට් එකක් හෝ පිරුණු V හැඩැති මාලයක් උනත් කමක් නෑ. මාලයේ දිග ඔබේ V හැඩැති ඇඳුම් කරේ ගැඹුර අනුව තෝරා ගන්න ඔබට පුළුවන් 

කරාබු – ඔබ පළඳින මාලයේ පෙනුම යටපත් නොවී තියා ගැනීම සඳහා ඔබට Stud හෝ tiny hoops ආකාරයේ කරාබු තෝරා ගන්න.

මාලය – මෙවැනි ආකාරයේ ඇඳුම් කරකට ඔබට chokers හෝ collar necklace තෝරා ගන්නට පුළුවන්. 

කරාබු – මෙවැනි ඇඳුම් කරකට ඔබ කරාබු තෝරා ගන්නවා නම් ඔබට තරමක් දිගු කරාබු ,  danglers  තෝරා ගෙන මාලයක් පළඳින්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඔබ මාලයක් පළඳිනවා නම් drops , stud ආකාරයේ කරාබු උත්සහ කර බලන්න.

මාලය – ගෙළෙහි පළල සමතුලිත කර පෙන්වන්න මෙවැනි කරක් සඳහා ඔබට මධ්‍යම ප්‍රමාණයේ මාල භාවිතා කල හැකියි. 

කරාබු – කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේ  Stud  හෝ සාමාන්‍ය ප්‍රමාණයේ කරාබු සහ රවුම් ආකාරයේ කරාබුත් මෙවැනි ඇඳුම් කරවල් සඳහා ඔබට තෝරා ගන්නට පුළුවන් 

මාලය –  මෙවැනි හැඩයේ ඇඳුම් කරවල් සඳහා ඇඳුම් කරත් ගෙලත් අතර ප්‍රමාණයේ, ඇඳුම් කරට මදක් උඩින් සිටින ප්‍රමාණයේ මාල වගේම තරමක් දිග මාලත් ඔබට පළඳින්න පුළුවන් .එහෙමත් නැත්තම් ප්‍රමාණ තුනක හෝ හතරක ඉතාම සියුම් මාල කිහිපයක් පළඳින්නත් ඔබට පුළුවන් 

කරාබු –  ඔබ අඳින ඇඳුම සහ පළඳින මාලය  අනුව stud , hoops  හෝ drop කරාබු තෝරා ගන්න ඔබට පුළුවන් 

මාලය – මෙවැනි ඇඳුම් කරවල් සඳහා තරමක් තද , සංකීර්ණ විලාසිතාවක මාල පළඳින්න ඔබට පුළුවන්.එහෙම නැත්තම් ප්‍රමාණ කිහිපයකින් දම්වැල් හැඩයේ මාල කිහිපයක් , සියුම් මාල කිහිපයක් පළඳින්නත් පුළුවන් 

කරාබු –  මෙවැනි ඇඳුම් කරවල් සඳහා ඔබට විලාසිතා කිරීම පහසු නිසා Large hoops , long hanging earings භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් මාලයක් පළඳින්නේ නැතුව තරමක් විශාල හැඩයක දිගු කරාබුවක් පළඳින්නත් ඔබට හැකියාව තියෙනවා  

විලාසිතා උනත් ගැලපෙන , නිවැරදි ආකාරයට කරන්නට ඕනේ. එහෙම නැත්තම් එය ඔබේ පෙනුමට වගේම පෞර්ශත්වයටත් බලපානවා. ඒ නිසා ඔබේ ඇඳුම් වලට ගැලපෙන ආකාරයේ මාල සහ කරාබු තෝරා ගෙන ලස්සන විලාසිතා කරන්න මේ ලිපිය කියවූ ඔබටත් දැන් පුළුවන් 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here