විවිධ ආයතන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා කුලියට ගෙන රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අලුත්ම විගණන වාර්තාවල දැක්වේ.
වසර 06 ත් 21 ත් අතර කාලයේදී එකතු වී ඇති මෙම කුලී ආදායම 2024 වර්ෂයේ අවසාන වනවිටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණු බව එම වාර්තා සඳහන් කළේය.
මේ අතර ගුවන් හමුදාවේ ඉඩම් හෙක්ටයාර් 639 ක් සහ ගොඩනැගිලි හතක් නීත්‍යානුකූලව අයිතිය පවරා ගැනීමකින් තොරව පරිහරණය කරමින් පැවතුණ බවද වාර්තාවල සඳහන් වේ.
ඉඩම් පවරා ගැනීමේ කටයුතු ඉතා මන්දගාමී ස්වභාවයක පැවතුණ බවද එහි වැඩිදුරටත් දැක්වේ.
මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප
Saru News















