විවිධ අවස්ථාවලට ගැලපෙන ලස්සන කොණඩා මෝස්තර

0
12


මගුල් ගෙදරකට, පාර්ටි එකකට, කුමන හෝ උත්සව අවස්ථාවකට ඔබ විවිධ මෝස්තරවල , විවිධ විලාසිතා වල ඇඳුම් අඳින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔබේ කොණ්ඩ මෝස්තරයත් බොහොම ලස්සන එකක් විය යුතුයි. ඔබට පහසුවෙන්ම සකස් කරගන්න පුලුවන් සරල කොන්ඩ මෝස්තර කිහිපයක් තමයි අද අපි ඔබට කියන්නේ.

මේ කොන්ඩ මෝස්තරය ඔබට විසිතුරු ගවුමකට භාවිතා කරන්න පුළුවන්. කොණ්ඩය දෙපසින් ගොතා පහසුවෙන් කරගන්නට පුළුවන් මේ මෝස්තරය තවත් හැඩ කරගන්න නම් ඒ ගෙතුම් අතරට කුඩා පබළු කිහිපයක් යොදා ගන්න.

ඔබට තිබෙන්නේ දිග කොණ්ඩයක් වුණත් කෙටි කොණ්ඩයක් වුණත් විසිතුරු ගවුමක් සඳහා සහ ඕනෑම සාදයක් සඳහා සහභාගි වෙන්න ඔබට මේ කොන්ඩ මෝස්තරය අත්හදා බලන්න පුලුවන්. ඔබේ හිස වටා ප්‍රදේශයේ කළ හැකි සරල ගෙතුමකින් මේ කොන්ඩ මෝස්තරය නිමා කර ගන්න ඔබට හැකියාව තියෙනවා. කොණ්ඩය පිටුපස ලිහිල්ව මුදා හරින්නට, ගොතන්නට හෝ බන් එකක් ආකාරයට ගැට ගසන්නත් පුළුවන් .

ඔබට තරමක් දිග කොණ්ඩයක් තිබෙනවා නම් මෙවැනි head band එකක් ඔබේ කොණ්ඩයේ ලස්සන තවත් වැඩි කරයි. විවිධ විලාසිතා වල , විසිතුරු ආකාරයේ headband දැන් ඕනෑ තරම් වෙළඳපළේ තිබෙන නිසා ඔබට ඔබේ ඇඳුමට සරිලන එකක් තෝරා ගන්නට පුළුවන්.

ඔබට කැරළි සහිත කෙටි කොණ්ඩයක් තිබෙනවා නම් මෙය ඔබට ගැලපෙනම කොන්ඩ මොස්තරයයි. ඔබේ කොණ්ඩය ඉතා හොඳින් පීරා හිස මුදුනට වෙන්න ගැට ගසන්න.  ඔබට අවශ්‍ය නම් එක් පසකින් හෝ දෙපසින් විසිතුරු කොන්ඩ කටු භාවිතා කරන්න පුළුවන්. මෙය ඉතාම සරල සහ පහසු කොන්ඩ මෝස්තරයක් වුණත් එය ඔබට ලස්සන පෙනුමක් ගෙන දෙන බවට සැකයක් නැහැ 

මෙයත් ඉතාම සරල සහ කෙටි වේලාවකින් කරගන්නට පුළුවන් කොණ්ඩ මෝස්තරයක්.මෙය ඔබේ නළල මුදුනේ සිට හිස මුදුන තෙක් කොණ්ඩය ගොතා ඉතිරි කොටස බන් එකක් ආකාරයෙන් සකස් කරන කොණ්ඩ මෝස්තරයක්. 

මෙය වර්තමානයේ තරමක් ජනප්‍රිය සහ පහසුම කොණ්ඩ මෝස්තරයක්. මෙහිදී ඔබේ හිසකෙස් අවුල් වූ ආකාරයට තිබෙන්නට හැර බන් එකක් ආකාරයෙන් සකස් කර තබනවා. මේ කොන්ඩ මෝස්තරයේ ලස්සන තවත් ඔප් නංවා ගන්න ඔබට දීප්තිමත් සහ විශාල කරාබු යුගලක් පලඳින්න පුළුවන්. 

කොණ්ඩ මෝස්තරයක් සකස් කරගන්න සැලෝන් එකකටම යන්න ඕන නැහැ. අඩු කාල වේලාවක් ඇතුළත නිවසේදීම ඔබට කරගන්න පුළුවන් සරල සහ හැඩැති කොන්ඩ මොස්තර කිහිපයක් තමයි මේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here