විවිධ අයිස් කියුබ් වර්ග වලින් මුහුණට සත්කාර කරමු

0
3


අයිස් කියුබ් සත්කාරය කියන්නේ ඔබේ සමට ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙන සත්කාරයක් බව ඔබ දැනටමත් දන්නවා.ඔබේ සමේ වර්ගය සහ තත්ත්වය අනුව සමට ප්‍රතිකාර කරමින් කල හැකි අයිස් කියුබ් සත්කාර ක්‍රම කිහිපයක් තිබෙනවා. අයිස් කියුබ් මගින් ඔබේ සම ප්‍රබෝධමත් කරන අතර සමේ නම්‍යතාවය හොඳින් පවත්වාගෙන යාමට ද උපකාරී වනවා ඒ වගේම ඔබේ මුහුණේ රුධිර සංසරණය වැඩි දියුණු කරමින් සම මත ඇති සියුම් රේඛා සහ රැළි ඉවත් කිරීමද සිදු කරනවා.. මේ අයිස් කියුබ් විවිධ ක්‍රම වලට සකස් කර ගැනීමේ හැකියාව ඔබට තිබෙන අතර ඒවායින් සමේ විවිධ ගැටලු වලට ප්‍රතිකාර කරනවා. 

Rose ice cubes

රෝස පෙති වල ප්‍රතිබැක්ටීරිය ගුණ අඩංගු වන අතර ඔබේ සම සන්සුන් කිරීමේ ප්‍රබල හැකියාවක් රෝස පෙති වලට තිබෙනවා.

වියලි රෝස පෙති කිහිපයක් ගෙන උතුරන වතුර කෝප්පයකට එකතු කරන්න.වතුර සිසිල් වූ පසු අයිස් කියුබ් තැටියකට එම වතුර එකතු කර අයිස්කියුබ් සකස් කර ගන්න.

මෙම අයිස් කියුබ් ඔබේ මුහුණ මත රවුම් චලිත ආකාරයෙන් ගෙන යමින් සම්භාහනය කරන්න. සම්බාහනය කර අවසන් වූ පසු එම වතුර ඒ ආකාරයටම ඔබේ මුහුණ මත වියලෙන්නට හරින්න. 

Chamomile ice cubes

වෙහෙසකර දවසක් අවසානයේ ඔබේ සම සුවපත් කිරීමට සහ සන්සුන් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා හොඳම ප්‍රතිකාරයයි මේ. 

කැමෝමයිල් මල් ස්වල්පයක් උතුරන වතුර කෝප්පයකට එකතු කර වතුර සිසිල් වූ පසු අයිස් කියුබ් තැටියකට එම වතුර එකතු කර අයිස් කියුබ් සකස් කර ගන්න.

මෙම අයිස් කියුබ් ඔබේ මුහුණ මත රවුම් චලිත ආකාරයෙන් ගෙන යමින් සම්භාහනය කරන්න.

Green tea ice cubes

ඔබේ ඇස් වටා ඇති ඉදිමුණු ස්වභාවය සහ අව පැහැය ඉවත් කිරීමට වගේම වෙහෙසකර ඇස් වලට සන්සුන් බවක් ලබා දීමට මේ ග්‍රීන් ටී අයිස් කියුබ් වලට හැකියාව තියෙනවා

උතුරන වතුර කෝප්පයකට ග්‍රීන් ටී කොළ එකතු කර එම වතුර සිසිල් වෙන්නට හරින්න.ඉන් පසුව අයිස් කියුබ් තැටියකට එම වතුර එකතු කර අයිස් කියුබ් සකස් කර ගන්න.

මේ අයිස් කියුබ් ඔබේ ඇස් මත සහ ඇස් වටා ගෙන යමින් ඉතාම මෘදු ලෙස සම්භාහනය කරන්න.

Cinnamon ice cubes

කුරුඳු වල ප්‍රතිබැක්ටීරිය ගුණ අඩංගු වන අතර ඔබේ මුහුණ මත ඇති කුරුලෑ සමග සටන් කිරීමට , කුරුලෑ ඇතිවීම පාලනය කිරීමට සහ කුරුලෑ තුවාල සුවකිරීමට මේ කුරුඳු අයිස් කියුබ් වලට හැකියාව තියෙනවා.

උතුරන වතුර කෝප්පයකට කුඩා කැබලි කඩා ගත් කුරුඳු එකතු කර වතුර සිසිල් වෙන්නට හරින්න. ඉන්පසු එම වතුර අයිස් කියුබ් තැටියකට එකතු කර අයිස් කියුබ් සකස් කර ගන්න.

මෙම අයිස් කියුබ් ඔබේ මුහුණේ කුරුලෑ ඇති ප්‍රදේශ වල ගෙන යමින් හොඳින් සම්භාහනය කරන්න. එම වතුර මුහුණේම වියලෙන්නට හරින්න.

Cucumber ice cube

පිපිඤ්ඤා වල ඇති සිසිල් කිරීමේ ගුණය ඔබේ සම සිසිල් කරනවා වගේම පැහැපත් සහ දීප්තිමත් සමක් ලබා දෙනවා.

ඇට ඉවත් කරගත් පිපිඤ්ඤා හොඳින් බ්ලෙන්ඩ් කරගෙන එයට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කර අයිස් කියුබ් තැටියකට දමා අයිස් කියුබ් සකස් කර ගන්න.

මෙම අයිස් කියුබ් ඔබේ මුහුණ මත මෘදුව ගෙන යමින් හොඳින් සම්බාහනය කරන්න.

ඔබේ සම සන්සුන් කරමින් , සම මත ඇති කුරුලෑ පාලනය කරමින් නීරෝගී සහ පැහැපත් සමත් ලබාදීමට හැකියාව තිබෙන විවිධ අයිස් කියුබ් වර්ග කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ. ස්වාභාවික රූපලාවන්‍ය සත්කාර අතරින් ඉහල තැනක් ගන්නා අයිස් කියුබ් සත්කාර මේ ආකාරයට වැඩි දියුණු කර ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here