විලවුන් සුවඳ දවස පුරාම රැකගන්න නම්…

0
12


විලවුන් වල සුවඳ දවස පුරාම හෝ වැඩි වේලාවක් අප අසල තබා ගන්න අප කවුරුත් කැමතියිඉතින් අපි බලමු දවස පුරා වැඩි වෙලාවක් සුවඳ රඳා පවත්වා ගැනීමට අප විසින් අනුගමනය කරන්න ඕනා දේවල් මොනවද කියලා.

විලවුන් වර්ග නිපදවන්නේ වෙනස් වෙනස් ආකාර වලටඒ වගේම පැඟිරි කුලයේ සුවඳ වර්ග වලට වඩා සුදු හඳුන් ආදී සුවඳ වර්ග කල් පැවතෙන සුළුයිඒ නිසා කල් පවතින සුවඳ ගැනත් අවධානයක් යොමු කරන්න වෙනවා.

විලවුන් වර්ග ස්නානයෙන් පසුව සමේ තෙතමනය වියලි යන්නට කලින් ආලේප කරන්න ඕනා.එවිට සුවඳ වැඩි වෙලාවක් තිබෙනවා.

වියලි සමට විලවු න් උරා ගන්නේ ස්වල්ප ලෙසයිඒ වගේම ඉක්මනින්ම වාෂ්ප වීත් යනවාඉතින් සමේ තෙතමනය හොඳින් පවත්වා ගතහොත් විලවුන් සුවඳ වැඩි කාලයක් රැඳෙනවා.

විලවුන් බෝතල් අවු රශ්මිය හා තද ආලෝකය ඇති තැන් වලින් සහ තෙතමනය වැඩි තැන් වලින් ඈත් කර තබන්න ඕනා. නැත්නම් රසායනික සංයුතිය වෙනස් වෙනවාඒ නිසා විලවුන් තබන්න ඕන සිසිල් වියලි තැනක.

නිතර සුවඳවත්ව ඉන්න කැමති කාන්තාවන්දවස පුරාම සුවඳ පවතින විලවුන් මිල අධිකයිඒ නිසා පිටතට යන වෙලාවටකාර්යාලයෙන් වැඩ නිමවන වෙලාවට වගේ නැවත විලවුන් ගල්වා ගැනීමත් සුදුසුයි.

රුධිර නාල සමට ඉතාමත්ම ආසන්නයෙන්ම ගමන් කරන මැණික් කටුව,වැලමිට,ඇතුළු පැත්ත,කන පිටුපස බෙල්ල දෙපස වගේ තැන්වල තමා සාමාන්‍යයෙන් විලවුන් ගලවන්නේඒවායේ විලවුන් ගැලවීමට කලින් වැස්ලින් ටිකක් ආලේප කිරීමෙන් ඒවාට විලවුන් උරා ගන්නවාවියලි සමට වඩා වැඩි වෙලාවක් වැස්ලින් සහිත සම විලවුන් රඳවා තබා ගන්නවා.

ඉතින් වැඩි වෙලාවක් සුවඳ හමමින් නැවුම්ව ඉන්න කැමති ඔබ මෙන්න මේ දේවල් ඉක්මනින්ම අනුගමනය කරලා බලන්නකෝ …………

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here