විරෝධතාවකදී පුද්ගලයෙකුට පහරදුන් එජාප නාගරීක මන්ත්‍රී ජයනාත් නවරත්නට ඇප

0
10

කළුතර නගර මධ්‍යයේ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ විරෝධතාව අතරතුර ඇතිවූ පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අත්අඩංගුවට ගත් කළුතර නගර සභා මන්ත්‍රී ජයනාත් නවරත්න මහතාට ඇප ලැබී තිබේ.

කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය අද (29) ලබා දී ඇත.

පා.ම. අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සජබ ක්‍රියාකාරින් පිරිසක් ඊයේ (28) පස්වරුවේ පැවැත්වූ විරෝධතාව අතරතුර අදාළ මන්ත්‍රීවරයා පුද්ගලයකුට පහරදුන් සිද්ධියකට අදාළව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සමගි ජන බලවේගය පැවැත්වු එම විරෝධතාව අතරතුර දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විරෝධතාකරුවන්ගෙන් යම් පැනයක් විමසා තිබේ.

එහිදී උරණ වූ සමගි ජන බලවේගයේ කළුතර මහනගර සභා මන්ත්‍රීවරයෙකු අදාළ පුද්ගලයාට පහරදුන් බව සඳහන් වේ.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය පහරදීම සම්බන්ධයෙන් නාගරීක මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා අත්අඩංගුවට ගැනීම සිදුවිය.

පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක වාද්දුව පොතුපිටිය පනාපිටිය පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු කළුතර දකුණ මුලස්ථාන පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

නාගරීක මන්ත්‍රීවරයා ද පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තාවේ.

පහරකෑ පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැරුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here