විරේන් ඉදිරියට – දුමිදුට සහ රනිත්මාගේ ඉදිරි ගමණට බාධක වැටෙයි

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 20, කොළඹ LNW:

උගන්ඩාවේ පැවත්වෙන උගන්ඩා ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලිය වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩිමින්ටන් ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ සිය පළමු තරගය ලකුණු 21 – 18 සහ 21 – 19 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.සුවිශාල ක්‍රීඩා මෙන්ම බැඩිමින්ටන් ක්‍රීඩාවටම වෙන් වූ ද දියුණු සංස්කෘතියක වැඩෙන ඉන්දීය ක්‍රීඩකයින් ලෝකයේ ඕනෑම ක්‍රීඩකයෙකුට අභියෝගයක් විය හැකි අතර මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින විරෙන්ට ඉන්දියාවේ නීර් නෙවාල් මේ තරගයේදී ඒ බව සහතික වන හොඳ තරගයක් ලබා දුන්නා.

විනාඩි 41 ක කාලයක් පැවති මේ තරගයේදී විරේන් ලෝකයේ අංක 79 තැන සිටින ක්‍රීඩකයා වීම ඉබේ පහළවන්නක් නොවන බව පැහැදිළි කරමින් නෙවාල් විසින් හොඳ තරගයක් දුන්න ද ඔහුට එකඳු වටයක් හෝ ජය ගන්නට නොදෙමින් තරගය 2-0 ක් ලෙස ජය ගනු ලැබුවා.
මේ අතර ජාතික සූරිය මෙන්ම මේ වන විට ලෝක අවධානය දිනා සිටින රනිත්මා ලියනගේ තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්වල අංක හතරට ශ්‍රේණිගතව සිටියත් ඇය ඉන්දීය සම්භවයක් ඇති එක්සත් එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවක වන ප්‍රාක්රිටී භාරත් අතින් වට 2-0 ක් ලෙස පරාජය වුණා.ලකුණු තත්ත්වය දැක් වුණේ 21 – 11 ක් සහ 21 – 15 ක් ලෙසයි.සම්ප්‍රදායික එදිරිවාදීන් වන රනිත්මා සහ භාරත් තරගයකදී හමු වූ පස්වන අවස්ථාව මෙය වන අතර මේ තරගය පෙර ඔවුන් දෙදෙනාම එක් අවස්ථාව බැඟීන් ජයගෙන තිබුණු අතර මේ තරගයේ භාරත් ජය ලබා ගැනීමත් සමඟ ඇය තරග 3-2 ක් ලෙස ඉදිරියට පැමිණියා.

දුමිඳු අබේවික්‍රමත් මේ තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්වල 6 වන තැන සිටියත්,ඔහුට පළමු හමුවේ ප්‍රතිවාදියා වූ ඉන්දීය ජාතික ඔර්ජිත් චලිහා අභිබවා යාමට හැකි වුණේ නැහැ.හොඳ තරගයක් ලබා දුන්න ද ලකුණු 17 – 20 සහ 20 – 22 ක් ලෙස දුමිඳු,ඔර්ජිත් ඉදිරියේ පරාජය ලැබුවා.ඔර්ජිත් චලිහා 26 හැවිරිදි වියේ අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වෙනවා.

The post විරේන් ඉදිරියට – දුමිදුට සහ රනිත්මාගේ ඉදිරි ගමණට බාධක වැටෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here