වියානා ඇළේ විදෙස් ගිනිඅවියක් සහ උණ්ඩ

0
6

මහියංගණ, මාපාකඩවැව, අලි කඳුර ප්‍රදේශයේ, මහවැලි වියානා ඇළෙහි පතුලෙහි තිබී, විදේශයක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 30ක් සොයා ගැනීමට හැකිව ඇත.

මහියංගණ පොලිසියේ පො.ප. දිසානයක මහතාට ලද තොරතුරකට අනුව පෙරේදා (14 දා) සවස 5.00ට පමණ වියානා ඇළෙහි සිදුකළ පරීක්ෂාවේදී ගිනිඅවිය හා ජීව උණ්ඩ හමුව ඇත. ජර්මනියේ නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනිඅවියක්, බෝර 12 පතරෝම් 11ක්, ටී.56 උණ්ඩ 05ක්, මි.මී.09 උණ්ඩ 07ක්, රිවෝල්වර් උණ්ඩ 07ක් එලෙස සොයා ගෙන ඇත. මේ දිනවල මහවැලි වියානා ඇළේ ජලය නිකුත් කිරීම අත්හිටුවා ඇති පසුබිමක ඇළෙහි පතුල නිරාවරණය වී ඇත. ඇළෙහි පතුලේ තිබූ සැකකටයුතු පාර්සලයක් පිළිබඳව පුද්ගලයකු විසින් මහියංගණ පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව මෙය සොයාගෙන තිබේ.

ගිනිඅවිය හා පතරොම් කවුරුන් විසින් වියානා ඇළට ගෙනවිත් දැමුවේද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. එම්. සිසිර බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කණ්ඩායමක් ඒ පිළිබඳ විමර්ශන සිදුකරති.
මහියංගණ – රංජිත් කරුණාවිර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here