හැමදාම ලස්සනට සුන්දරව ඉන්න කැමති ඔබටම තමයි අද අපි මේ කතා කරන්නේ.ලස්සන මුහුණක් එක්ක පැලුණු, ඉරිතැලුණු පා යුගලක් නම් ලස්සනට ඉන්න කැමති යුවතියන්ට කොහොමටත් ගැලපෙන්නේ නෑ. ඉතින් මේ ලිපිය වියලී ගිය, පැලුණු දෙපා සුවපත් කර ගන්න සත්කාර ක්‍රම හොයන ඔබටයි… නිසි පරිදි කරන මේ සත්කාර වලින් ඔබේ දෙපා නැවත සුන්දර කර ගන්න අසීරු වෙන්නෙත් නැහැ.
රූපලාවණ්‍ය සත්කාරවල අංක එකේ වැජඹෙන කෝමාරිකා වලින් ඔබේ පැලුණු දුර්වර්ණ දෙපතුල් වලට සත්කාර කරන අන්දම තමයි අද අපි ඔබට කියන්නේ.
ඔබට මේ සඳහා වෙළඳපොලේ ඇති කෝමාරිකා ජෙල් එකක් වගේම නිවසේදීම සාදා ගන්නා කෝමාරිකා ජෙල් එකක් (ලින්ක්) පාවිච්චි කරන්න පුලුවන්.
අවශ්‍ය දේවල්
සත්කාරය කරන ආකාරය
මඳ උණුසුම් ජලයට සවිඳ ලුණු ( Epsom salt )එක් කර දෙපා එහි ගිල්වා මිනිත්තු 15ක් පමණ ඉන්න.
මේ ලුණුවලට දෙපා මෘදු කරමින් මැරුණු සෛල ඉවත් කරනවා.
ඉන්පසු දෙපා හොඳින් පිසදාගෙන ෆුට් ස්ක්‍රබ් ආලේප කරමින් ස්ක්‍රබ් කර ගන්න.
පිරිසිදු තුවායකින් පිසදා ගන්න.
නැවත භාජනයකට මඳ උණුසුම් ජලය එක් කර කෝමාරිකා, ඇපල් සයිඩර් විනාකිරි සහ ටී ට්‍රී ඔයිල් එක් කරන්න.
දෙහි යුෂ ද එකතු කරන්න.
එහි දෙපා ගිල්වා පැය බාගයක් පමණ ඉන්න.
දෙපා පිටතට ගෙන මෘදු තුවාලයකින් පිසදාගෙන කෝමාරිකා අඩංගු මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගල්වා ගන්න.
මඳ උණුසුම් ජලයෙන් දෙපා සෝදා පිසදා ගන්න.
කෝමාරිකා මදය සහ මී පැණි මේස හැන්දක් පමණ මිශ්‍ර කර දෙපයේ ආලේප කරන්න.
විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.
සමහර වෙලාවට අපේ සිරුරේ පවතින අධික උෂ්ණාධික බවත් දෙපා පැලෙන්න හේතුවක්. ඉහත සත්කාර කරන අතරේ මෙන්න මේ විදියට කෝමාරිකා පානයක් හදලා උදෑසනට පානය කරන්න පුලුවන්.
කෝමාරිකා මදය කොටස, නිවසේදී සකසා ගන්නා කෝමාරිකා ජෙල් දිනපතා රාත්‍රියේ පිරිසිදු කරගත් දෙපා වල ආලේප කර කොට්න් මේස් පැලඳ නින්දට යාමෙන් ඔබට දෙපාවල ඉරි තැලීම සිදු නොවීමටම වග බලා ගන්න පුලුවන්
ඒ වගේම තමයි කිසිදු ප්‍රතිකාර ක්‍රමයකින් ඔබේ දෙපා ඉරි තැලීමේ වෙනසක් නොවන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යය බව අමතක නොකළ යුතුම දෙයක්.
Saru FM Media