වියලි හා තෙල් සහිත සමටත් ඇස් යට අවපැහැයටත් අලිගැටපේර වලින් කළ හැකි සත්කාර

0
15


අලිගැටපේර වල විටමින් A, B, C, E, K, යකඩ, කැල්සියම්, පොස්පොරස්, සින්ක් නම් පෝෂක වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ පවතිනවා. ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරීවන පළතුරක් ලෙසද සැලකෙනවා. අලිගැටපේරවල ඇති ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වමින් දෑස් දිප්තිමත්ව තබාගැනීමටද උපකාරී වෙනවා. 
 
ඒ වගේම සම නිරෝගිමත් කිරීමට සහ දීප්තිමත් කිරීමටද අලිගැටපේර උදව් වෙනවා.සමේ රැලි වැටීම පාලනය කර තරුණ බව රැකගැනීමටත් අලිගැටපේර උදව් වෙනවා. ප්‍රතිශක්තිකරණ ගුණයෙන් සමන්විත අලිගැටපේර බැක්ටීරියා නාශකයක්ද වෙනවා.අධි රුධිර පීඩනය පාලනය කර දියවැඩියාව සජ පිළිකා හා අතීසාරය යන ලෙඩ වලට එරෙහිවද සටන් කිරීමේ හැකියාවෙන් ද අලිගැටපේර සමන්විත වෙනවා. 
 

සාමාන්‍ය සමට – අලිගැටපේර මදය කහ සහ ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.
 
වියලි සමට – අලිගැටපේර මී පැණි සමඟ මිශ්‍ර කර ආලේප කරන්න. 
 
තෙල් සහිත සමට – අලිගැටපේර, ආමන්ඩ් තෙල් හා ලෙමන් යුෂ මිශ්‍ර කර ආලේප කරන්න. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here