යුවතියකට කොණ්ඩය කියන්නේ රූමත් බවේ සංකේතයක්.දිග වුණත් කොට වුණත් කොණ්ඩය ලස්සනට පිළිවෙළකට තියනවා නම් එය අපේ පෙනුම ඔප් නංවන්න ලොකු හේතුවක්.රැළි කොණ්ඩ,සකස් කළ කොණ්ඩ,ස්වභාවික ස්ට්‍රේට් කොණ්ඩ අතරේ මොනවා කරලවත් කොණ්ඩය පිළිවෙලකට තියා ගන්න බැරි ගෑනු ළමයි කොටසකුත් ඉන්නවා.ඉක්මනින් අවුල් වෙන,වියළි සහ අපිළිවෙල කොණ්ඩයක් වුණු ඒ කොණ්ඩය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Frizzy Hair එකක් කියලා.
මේ කොණ්ඩය මට්ටු කරන්න රීබොන්ඩින්,රිලැක්සින්,කෙරටීන් වගේ ට්‍රීට්මන්ට්ස් වලටත් ඔබේ ඒ හැටි කැමැත්තක් නැතිනම් ඔබට පුලුවන් ස්වභාවික සත්කාර කිහිපයක් කරලා අවුල් නොවී,වියළි බව නැතිව කොණ්ඩය පවත්වාගෙන යන්න.රැලි සහිත නැති වුණත් ස්ට්‍රේට් නැති වුණත් කොණ්ඩය ලස්සනට පිළිවෙළකට තියා ගන්න එතකොට පුලුවන්.
ඉතින් හැමදාමත් වගේ ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර සඳහා ඔබව දිරි ගන්වන අපි මේ පහසු සත්කාර අරන් ආවේ ඒ වෙනුවෙන්මයි.
සතියට දෙවතාවක් පමණ කළ යුතු මේ ප්‍රතිකාරය ඔබේ කොණ්ඩය කීකරු කරනවා විතරක් නෙවෙයි, හිස්සොරිවලටත් හොඳ ප්‍රතිකාරයක්.
පොල්තෙල් වල ලෝරික් අම්ලය අඩංගු නිසා මෙයත් වටිනා සත්කාරයක්.ඔබේ කොණ්ඩය දුර්වල වී ඇති බව හැඟෙනවා නම් විටමින් ඊ කරල් කිහිපයක් ද පොල් තෙල් වලට එකතු කරන්න පුලුවන්.
සතියට දෙවතාවක් පමණ සිදු කළ යුතු මේ ප්‍රතිකාරය ඔබේ කොණ්ඩයේ වියළි සහ අවුල් බව නැති කරන්නට හේතුවක් වෙනවා.අලිගැටපේර වල විටමින් E සහ A පැවතීම එයට හේතුවක්.
මීට අමතරව මෙවැනි කොණ්ඩයකට හෙයා මාස්ක් යෙදීමත් වැදගත්.
මේ කොණ්ඩයට ගැලපෙනම හෙයා මාස්ක් එකක් වෙන්නේ Oats හෙයා මාස්ක් එක.
අවශ්‍ය දේවල්
මාස්ක් එක සකසන්නේ මේ ආකාරයටයි.
ඉන්පසු මෙය හිස ගල්වා තබා මිනිත්තු තිහකට පසු සෝදා හරින්න
අපට සොබාදහම ලබා දෙන්නේ අපට අවශ්‍ය රූපය නෙවෙයි.අපට වඩාත් ගැලපෙන රූපයයි.ඉතින් අවුල් වෙන ඉක්මනින් වියලීමට පත් වෙන කොණ්ඩයක් වුණත් සත්කාර කිරීමෙන් ලස්සන කෙස්වැටියක් කරගැනීමේ මැජික් බලය තියෙන්නේ ඔබ අතේ.
කොණ්ඩයට උවමනා ලෙස හැසිරෙන්න දෙන්න එපා. ඔබට උවමනා ලෙස කොණ්ඩය හසුරවා ගන්න.
Saru FM Media