විටමින් C කියන්නෙ අපි දන්න කාලෙ ඉඳලම අපිට හුඟක් හුරු පුරුදු විටමින් වර්ග අතරින් එකක්නෙ.
දෙහි, දොඩම් වගේ පළතුරු වල විටමින් C අඩංගු වෙලා තියෙනව කියල නම් ඔබ දැනටමත් දන්නවනෙ.
හැබැයි ඔන්න අපි අද ඔබත් එක්ක විටමින් C ගැන ඔබ දැනුවත් විය යුතුම පුදුම හිතෙන කරුණු කාරණා රාශියක් බෙදාගන්නයි මේ සූදානම් වෙන්නෙ.
එහෙනම් ඒ මොනවද කියල දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියල අපි ආරාධනා කරනව.
මුලින්ම අපි බලමු විටමින් C එහෙමත් නැත්නම් ඇස්කොබික් අම්ලය (ascorbic acid) මඟින් අපේ ශරීරයට ලබාදෙන ප්‍රතිලාභ මොනවද කියල.
නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
විටමින් C කියන්නෙ ඉතාම ප්‍රභල ඇන්ටි – ඔක්සිඩන්ට් වර්ගයක්. ඒ මඟින් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර වෛරස් වැනි ආසාදන වලට එරෙහිව සටන් කරන්න පුළුවන් ස්වභාවික ප්‍රතිශක්තිය ඇති කරනවා.
ඒ වගේම විවිධ බාහිර සංයෝග මඟින් සෛල වලට වන හානිය වළක්වන්නත් ඇන්ටි – ඔක්සිඩන්ට් වලට හැකියාව තියෙනවා.
මේ ක්‍රියාවලිය නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අවම කරනවා.
ප්‍රතිශක්තීකරණය ඇතිකරයි
රුධිරයේ ඇති සුදු රුධිරාණු නිපදවීම උත්තේජනය කර රෝග වලට එරෙහිව සටන් කිරීමටත් තුවාල සුවවීමේ සීඝ්‍රතාව වැඩි කිරීමටත් විටමින් C වලට හැකියාව තියෙනවා.
බෝ වන රෝග වලින් ආරක්ෂාවට විටමින් C ගැනීම වෛදව්‍යවරුන් නිර්දේශ කරන්නෙ මේ නිසයි.
හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
පර්යේෂණ මඟින් පෙන්වා දී ඇති ආකාරයට හෘද රෝග සඳහා හේතුවෙන අධි රුධිර පීඩනය අඩු කරන්න විටමින් C වලට හොඳ හැකියාවක් තියෙනව.
රුධිර වාහීනී තුළ පීඩනය අඩුකර රුධිර වාහිනී හරහා හෘදයට රුධිරය පොම්ප කිරීම ක්‍රමවත් කරමින් රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගන්න විටමින් C වලට පුළුවන්.
ඒ වගේම හෘ ද රෝග ඇතිවෙන්න හේතුවෙන රුධිරයේ ඇති අහිතකර කොලෙස්ට්‍රෝල් (LDL) මට්ටම සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කරන්නත් විටමින් C උපකාරී වෙනවා.
ආතරයිටීස් ඇතිවීමේ අවදානම අඩු කරයි
රක්තවාතය කියන්නේ ආතරයිටීස් වලින් ප්‍රධාන වර්ගයක්.
රුධිරයේ යූරික් අම්ලය වැඩිවීම රක්තවාතය ඇතිවීමට බලපාන එක් හේතුවක් විදිහට පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා.
ප්‍රධාන වශයෙන් ඇඟිලි වලත් ශරීරයේ විවිධ සන්ධිවලත් එක්වරම ඇතිවෙන ඉවසාගත නොහැකි දැඩි දැවිල්ල, වේදනාව සහ ඉදිමීම රක්තවාත රෝග ලක්ෂණ විදිහට අඳුනගන්න පුළුවන්.
විටමින් C වලට රුධිරයේ යූරික් අම්ල ප්‍රතිශතය අඩුකර රක්තවාතය ඇතිවීමේ අවදානම අඩු කරනවා.
යකඩ අවශෝෂණය වැඩි කරයි
යකඩ කියන්නෙ රතු රුධිරාණු නිෂ්පාදනය කරන්න සහ ශරීරය පුරා රුධිරය හරහා ඔක්සිජන් ගෙන යන්න උපකාරී වෙන ඉතාම වැදගත් සහ අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකයක්.
විටමින් C වලට අප ගන්නා ආහාර වල ඇති යකඩ අවශෝෂණය කිරීමේ හැකියාව පවතිනවා.
විශේෂයෙන්ම අප ගන්නා ශාක ආහාර වල අඩංගු යකඩ අවශෝෂණය කිරීම සිදුකරන නිසා නිර්මාංශ ඔබට විටමින් C ඉතාම වැදගත් කියල අපි අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
මතකය අඩුවීම වළක්වයි
වයසත් සමඟ ඇතිවන මතකය දුර්වල වීම ඩිමෙන්ෂියා රෝග තත්වය ලෙස හඳුන්වනවා.
වයස්ගත වීම සමඟ ස්නායු, මොළය සහ කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිවෙන දුර්වලතා නිසා මේ තත්වය ඇතිවෙනවා.
මේ දුර්වලතා ඇතිවීමේ අවදානම අඩු කරන්න විටමින් C වලට හැකියාව තියෙනවා.
සම දීප්තිමත් කරයි
Saru FM Media