වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ 14 වන සමුළුවට පැමිණි විදෙස් මාධ්‍යවේදීන් සාදරයෙන් පිළිගනී… – Saru News | සිංහල

0
5

වියට්නාමයේ හැනෝයි නුවරදී හෙට (20) සිට පැවැත්වීමට නියමිත වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික මහා සම්මේලනයට සහභාගීවීම සඳහා වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාව මත විවිධ රටවලින් පැමිණි වාමාංශික පක්ෂවල මාධ්‍යවේදීන් පිළිගැනීමේ හමුවක් අද (19) පවත්වා තිබේ.

​හෙට පැවැත්වෙන සමුළුව සඳහා සහභාගීවමට ලාඕසය, කාම්බෝජය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, රුසියාව, කියුබාව සහ මොසැම්බික් යන රටවලින් මාධ්‍යවේදීන් පැමිණ තිබී ඇත.

මෙම පිළිගැනීමේ හමුවේදී අදහස් දැක්වූ වියට්නාම් නියෝජ්‍ය විදේශ ඇමති ලී ති තු හං (Le Thi Thu Hang), 13 වන මහා සම්මේලනයෙන් පසුව වියට්නාමය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවධාරණය කර තිබේ.

ස්වාධීන සහ බහුපාර්ශ්වික විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කිරීම සහ ශක්තිමත් ආර්ථිකයකට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ඇය කරුණු පැහැදිලි කර ඇත.

විශේෂයෙන්ම, 2025 වසරේදී වියට්නාමය 8.2%ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත්, එය රටේ තිරසාර ස්ථාවරත්වය සහ සංවර්ධනය පිළිඹිබු කරන්නක් බවත් ඇය සඳහන් කර තිබේ.

​ඉදිරි වසර කිහිපය තුළ වියට්නාමයේ දේශපාලන, ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිවල දිශානතිය තීරණය කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස මෙම පක්ෂ මහා සම්මේලනය සැලකේ.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ජනාතාවිමුක්ති පෙරමුණ නියෝජනය කරමින්ද මාධ්‍යවේදියෙකු සහභාගී වී තිබේ.


146

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here