විමල්ට, වරුණට පහරදෙන්න පාටියක් ?

0
4

කොළඹ අමාරි සුඛෝපභෝගී හෝටලයේදී සමාජ මාධ්‍ය ක්‍රියකාරිකයින් පිරිසක් වෙනුවෙන් අද (09) දහවල් විශේෂ සාදයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් මෙන්ම විපක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසකට ද මීට ආරාධනා කර ඇත.

මෙරට ඉහළම පෙළේ ධනවතෙකු වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතා විසින් මෙහි බරපැණ දරන බව සඳහන්.

මේ වනවිට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට දැඩි හිසරදයක් වී ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂට එරෙහිව දෙපැත්තකින් ප්‍රහාරයක් දියත් කරවීම මෙම සාදයේ අරමුණ වී ඇති බව ආරංචිමාර්ග පැවසීය.

විමල්ට සහ වරුණට ආණ්ඩුවේ පැත්තෙන් කොහොමත් පහරදෙමින් සිටින නිසා විපක්ෂයේ පැත්තෙන් ද ඔවුන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් ආරම්භ කරන්නැයි මෙම සාදයට සහභාගී වන විපක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීගෙන් ඉල්ලා සිටීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

The post විමල්ට, වරුණට පහරදෙන්න පාටියක් ? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here