විභාග කල් දාන්නේ නැහැ – විභාග කොමසාරිස්

0
4

2026 වසරේ පැවැ­ත්වී­මට නිය­මි­තව ඇති ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ යන කිසිදු විභා­ග­යක් කල් දැමීම සම්බ­න්ධ­යෙන් විභාග දෙපා­ර්ත­මේ­න්තුව කිසිදු තීර­ණ­යක් ගෙන නැති බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලිය­නගේ දැඩිව අව­ධා­ර­ණය කරයි.

පවත්නා තත්ත්වය මත විභාග කල් යා හැකි බවට සිසුන් අතර අද­හ­සක් පව­තින බවත්, එහෙත් විභාග දෙපා­ර්ත­මේ­න්තුව එවැනි කිසිදු තීර­ණ­යක් ගෙන නැති හෙයින්, කලින් දැනුම් දී ඇති දින­ව­ලම ඒ විභා­ග­ව­ලට මුහුණ දීමට සිසුන් සූදා­නම් විය යුතු බවත් ඇය කියා සිටී. 

එසේම 2026 අ.පො.ස. උසස් පෙළ විභා­ගය සඳහා අය­දු­ම්පත් කැද­වීම අප්‍රේල් 24 දින දක්වා මාර්ග­ගත ක්‍රම­යට සිදු කරන බවත් විභාග දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කරයි. 

ඒ අනුව, සියලු අය­දු­ම්ක­රු­වන් www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic යන නිල වෙබ් අඩවි වෙත පිවිස, සපයා ඇති උප­දෙස් අනුව අය­දු­ම්පත් ඉදි­රි­පත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 

රජයේ සහ රජයේ අනු­මත පෞද්ග­ලික පාස­ල්වල සිසුන්, තම පාසලේ විදු­හ­ල්පති මඟින් අය­දු­ම්පත් යොමු කළ යුතු අතර, පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් තම ජාතික හැඳු­නු­ම්පත් අංකය භාවිත කර­මින් තනි­වම අය­දු­ම්පත් යොමු කළ යුතුය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here