දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුල සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අද (27දා) දින පස්වරුවේ ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බලඝණයට අයත් BELL-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.
මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදවා ගැනීමේ කන්ඩායම විසින් සිදු කර තිබේ.
Saru FM Media









