විපතට පත් මියන්මාර් ජනතාවට මල්වතු අස්ගිරි උභය මහා විහාර හා ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් මිලියන 15 ක මුදලක් අද (02) දින පස්වරුවේ පරිත්‍යාග කළ අතර අදාළ මුදල් චෙක්පත අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් විසින් මියන්මාර් තානාපති Marlar Than Htaik මහත්මිය වෙත ලබා දී තිබෙනවා .
ශ්‍රී දළදා මාලිගාවේ උඩ මහලේ පිරිත් මණ්ඩපය ආශ්‍රිත පරිශ්‍රයට අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි ප්‍රමුඛ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිව් නම ඇතුළු සියක් නමක් මහා සංඝරතනය වැඩම කර විපතට පත් මියන්මාර් ජනතාවට සෙත්පතා පැයක පමණ කාලයක් සෙත් පිරිත් සජ්ජායනයක්ද කළ බවයි සඳහන් වන්නේ .
අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාර නියෝජනය කරමින් දිඹුල් කුඹුරේ විමලධම්ම හා වේඬරුවේ උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මේ අවස්ථාවේ අප රටක් ලෙස මියන්මාර් ජනතාවගේ සහයට සිටිය යුතු බව අවධාරණය කර තිබෙනවා .
මෙරට උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේලා නොමැති අවස්ථාවක තායිලන්තයෙන් හා මියන්මාරයෙන් උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ වැඩම කර ලක්දිව යළි උපසම්පදාව පිහිට වූ බවයි උන්වහන්සේලා සිහිපත් කර තිබෙන්නේ .
මියන්මාර් ජනතාව විපතට පත්ව සිටින මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජනාතාව ශක්තියක් ලබාදීම අගය කරන බව තානාපතිනිය ප්‍රකාශ කර තිබෙනවා .
Saru FM Media