තරඟකාරී රෙගුලාසිවලට අනුකූල වීම සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) මුහුණ දෙන අභියෝග රැසක් පිළිබඳව අවධානය යොමු කළ සුවිශේෂී සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08දා) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ මහත්මිය හමුවිය.
යුරෝපා සංගම් දූත පිරිස තානාපති මොරේනෝ මහත්මියගේ නායකත්වයෙන් යුක්ත වූ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායමේ පළමු උපදේශක ආචාර්ය ජොහාන් එච්. හෙසේ මහතාද ඊට ඇතුළත් විය.
මෙහිදී පෞද්ගලික සාකච්ඡාවකින් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපාසංගමයේ තානාපති කාමන් මොරේනෝ මහත්මිය සහ ආචාර්ය හෙසේ මහතා සමඟ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ව්‍යාපාරික නායකයින් සමඟ
රැස්වීමකට සහභාගි විය. එමඟින් දේශීය ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සෘජුවම යුරෝපා සංගමයේ තානාපතිවරිය වෙත ඉදිරිපත් කිරීමද සිදු විය.
ව්‍යාපාර සඳහා සමාන පරිසරයක් නිර්මාණය කිරීම, ප්‍රතිපත්තිමය අනුකූලතාව සහතික කිරීම මෙන්ම යුරෝපීය සහයෝගීතාව සහ විශේෂඥතාව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයේ වර්ධනයට සහ තරඟකාරරීත්වයට සහාය විය හැකි ක්‍රම ගවේෂණය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර මූලික වශයෙන් කේන්ද්‍රගත විය.
Saru FM Media