විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

0
12

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික යථාර්ථය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11) යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමුවී තිබේ.

සුළි කුණාටුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7ක ආර්ථික හානියක් සිදුවීමත් සමඟ, සම්ප්‍රදායික ණය-පාදක ප්‍රතිසංස්කරණයක් සඳහා යාමට රටට හැකියාවක් නොමැති බවට වූ පැහැදිලි සත්‍යය කේන්ද්‍ර කොටගෙන මෙම හමුව සිදුවිය. ඒ වෙනුවට, තවදුරටත් ණය බරින් රට යට කිරීමකින් තොරව ශ්‍රී ලංකාව නැවත නැඟී සිටුවීම සඳහා නිශ්චිතව යුරෝපා සංගම් සහයෝගය අපේක්ෂාවෙන් ප්‍රේමදාස මහතා විසින් ජාතික මට්ටමින් ඔරොත්තු දීමේ හැකියාව ඇතිකරගනු උදෙසා වූ විස්තීර්ණ උපාය මාර්ගයක් ඉදිරිපත් කරන ලදි.

යුරෝපා විදේශ සේවා ක්‍රියාකාරිත්වයේ (EEAS) ආසියා ශාන්තිකර කලාපය සඳහා වූ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පාවොලා පැම්පලෝනි මහත්මියගේ නායකත්වයෙන් යුරෝපා සංගම් කණ්ඩායම මෙහි පැමිණ සිටියේය. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාමන් මොරේනෝ මහත්මිය සහ යුරෝපා සංගම් දූත මණ්ඩලයේ ඈන් වැන්හවුට් සහ ගාලියා අගිෂේවා යන මහත්මීන් ද මේ සඳහා සහභාගී විය.

ප්‍රතිසාධනය සඳහා නව උපාය මාර්ගයක්.

සාකච්ඡාව අතරතුර, ප්‍රේමදාස මහතා විසින් කරුණු හයකින් යුත් රාමුවක් ඉදිරිපත් කරමින්, ආර්ථික ප්‍රතිසංස්කරණය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සමඟ එ්කාබද්ධව සිදුවිය යුතු බවට තර්ක කරන ලදි. ඔහුගේ ප්‍රධාන යෝජනා අතර පහත කරුණු ඇතුළත් විය:

ණය නොව, ප්‍රදානයන් සඳහා පෙළැඹුමක්: ඔහු යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් සඳහා අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙසයි. එහි අරමුණ වන්නේ ආපදාවෙන් ඇතිවූ දැවැන්ත මූල්‍ය පරතරය පියවීම සඳහා ණය නොවන මූල්‍යකරණය සහ ප්‍රතිපාදන බලමුලු ගැන්වීමයි.

වෙළඳාම ආශ්‍රිත නම්‍යශීලී බව: යුරෝපා සංගමය අත්‍යවශ්‍ය වෙළඳ හවුල්කරුවෙකු ලෙස හඳුනාගනිමින්, ඔහු GSP+ අනුකූලතාව සහ “නිෂ්පාදන මූලාරම්භය පිළිබඳ නීති” ආශ්‍රිත තාවකාලික නම්‍යශීලී බවක් ඇතිකරන ලෙස ඉල්ලා සිටියේය. මෙමගින් අපේක්ෂා කරනුයේ සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ඇඟලුම් සහ කෘෂිකාර්මික යන අංශ දෙකටම හුස්ම ගැනීමේ හෙවත් යළි යථා තත්ත්වයකට පත්වීමේ ඉඩ ප්‍රස්ථා ලබා දීමයි.

අවදානමට ලක්වූවන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන: ප්‍රේමදාස මහතා විසින් වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් රාමුව තුළ “ආපදා-වියදම් සහන අරමුදලක්” වෙනුවෙන් අදහස් දක්වන ලදි. ඔහු අවධාරණය කළේ මෙය දරුවන් 275,000ක් ද ඇතුළත්ව දැනට තියුණු අවදානමකට මුහුණ දී සිටින මිලියන ගණනක් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here