විපක්ෂ නායක සජිත් මියන්මාර හා තායිලන්ත තානාපති කාර්යාලවලට ගොස් ශෝකය පළකරයි (VIDEO)

0
12


සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය දා මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා තත්ත්වය නිසා එරට විශාල දේපළ සහ ජීවිත හානි රැසක් සිදුවිය. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ ශෝකය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (අප්‍රේල් 01) කොළඹ පිහිටි මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට ගියේය.

එහි දී මෙරට මියන්මාර සහ තායිලන්ත තානාපතිවරුන් ප්‍රමුඛ දූත පිරිස් හමුවී සිය ශෝකය පළ කළ විපක්ෂ නායකවරයා රටක් ලෙස මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here