විපක්ෂ නායකවරයාගේ දීපාවලී සුබ පැතුම් පණිවිඩය

0
1

යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙල සඳහා කැපවීම අවශ්‍ය බව දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වර්තමානයේ අසත්‍ය විසින් සත්‍යය වසා දමා ඇති බවත් අවිද්‍යාව විසින් විද්‍යාව යටපත් කරන පසුබිමක කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ හේතුවෙන් යහපත වෙනුවට නපුර ශක්තිමත් වෙමින් පවතින බවත් නපුර පරාජය කර යහපත උදාව ආලෝකමත් කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දීපාවලි දින පණිවිඩය මගින් ප්‍රකාශ කර ඇත.

”මේ දිපාවලි දිනයේ දී අප කළ යුත්තේ නපුර පරාජය කොට යහපත උදාව ආලෝකමත් කිරීම යි. ආලෝකය ලෙස අප සමාජගත කළ යුත්තේ යහපත් ප්‍රතිඵල මිස නපුරු සංකේත නොවේ. දීපාවලිය තුළ අපට කියා දෙන පාඩම දිනූ යහපත සමාජයට ගෙන යෑම යි. මෙම දීපවාලී සැමරුමේ දී අප වඩාත් උත්සුක විය යුත්තේ යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩ පිළිවෙල  සඳහා කැපවීම යි.”
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here