සමගි ජන බලවේගයේ කිසිදු දේශපාලඥයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා නොපවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
සංවිධානාත්මක අපරාධ කල්ලි 10ක් සමඟ හිටපු මැති ඇමතිවරු සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරු සම්බන්ධතා පැවැත් වූ බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
එලෙස සමගි ජන බලවේගයේ කිසිවෙකු හෝ සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සබඳතා පවත්වන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළා.
මේ අතර ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
මේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.
Saru FM Media