විපක්ෂයේ පක්ෂ ලේකම්වරු හා සජිත් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට

0
2


පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබෙනවා.

කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයක දී ඊයේ (15) රාත්‍රියේ ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.

එහිදී මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් බහුතර සභික සංඛ්‍යාව 50% ඉක්මවු හෝ 50% ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වුණා.

ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් පසුගියදා මෙම සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා.

කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සහභාගි වී නැහැ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here