විපක්ෂයට බලය වැඩි සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සාකච්ඡා ආරම්භ කළා.. -සජබ මහලේකම්! I Sri Lanka Latest News

0
2


විපක්ෂයට බහුතරය හිමි සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් ඒ සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.Sri Lanka Latest News

විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවලට ඡන්දය දුන් ජනතාව ලබාදී තිබෙන්නේ ආණ්ඩු විරෝධී පණිවිඩයක් බවත් ඒ අනුව විපක්ෂය සමඟි වී එම පළාත් පාලනායතනවල බලය පිහිටුවා ගෙන එමඟින් ජනතාවගේ අභිලාෂ ඉටුකර ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා සමගි ජන බලවේගය අනෙකුත් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩු විරෝධීව ජනතාව ලබාදී තිබෙන ඡන්දය විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ අවබෝධ කරගෙන කටයුතු කිරීම වැදගත් බවත් එය ජනතා අභිලාෂය බවක්ද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here