හොඳම ආලේපන වර්ග පාවිච්චි කිරීම, රූපලාවණ්‍යගාරයට මඟ නොහැර යාම, හොඳ සන් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම වගේ දේවල් කරන්න කාන්තා අපි අමතක කරන්නේ නෑ. ඒවා අපේ දෛනික පුරුදු. ඒත් අපේ ආදරවන්තයන්, සැමියන් Skin care routine කරනවද? එහෙම එකක් තියා හොඳ ෆේස් වොෂ් එකක්, ක්‍රීම් එකක් වුණත් පාවිච්චි කරන්නේ එහෙමත් කොල්ලෙක්.
ඉතිං එතකොට?
එයා කැතට ඉන්නවට ඔයා කැමති නෑ නේද? එයාලගෙත් හම අවපැහැ වෙනවා. Black heads, White heads එනවා. Pores තියනවා. Pilmples තියනවා.
ඒ නිසා නිවාඩු දවසකට ඔයාගේ ආදරවන්තයට facial එකක් කරමු.
අවශ්‍ය දේ
ලෙමන් තේ හැන්දක්
මී පැණි තේ හැන්දක්
ඔලිව් බිඳු 3,4
කරන ආකාරය
භාජනයකට සියල්ල මිශ්‍ර කරගන්න
මුහුණ උණුසුම් වතුරින් සෝදා ගන්න
පැක් එක මිනිත්තු විසි පහක් පමණ යොදා තබන්න
ඉන්පසු මුහුණ සෝදා පිරිසිදු තුවායකින් පිසදා ගන්න
අවශ්‍ය දේ
පිරිසිදු වතුර ටිකක්
මී පැණි
බිත්තර සුදු මදය සහ කහ මදය.
කෝමාරිකා යුෂ
යොදන ආකාරය
සියල්ල මිශ්‍ර කරගන්න
විනාඩි පහත් අටත් ප්‍රමාණයක් තබන්න
ඉන්පසු හොඳින් සෝදන්න
අවශ්‍ය දේ
ඕට්ස්
යෝගට් තේ හැඳි තුනක්
මී පැණි තේ හැන්දක්
බිත්තර සුදු මදය
උණු වතුර
යොදන ආකාරය
මුලින්ම ඕට්ස් සහ වතුර බ්ලෙන්ඩ් කරන්න
Saru FM Media