විනාඩි 20ක් තුළ වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරන සරල ව්‍යායාම කිහිපයක්

0
11


අද අපි කියලා දෙන්න යන්නේ නිවසේ සිට කළ හැකි තවත් Cardio Exercise කිහිපයක් පිළිබඳවයි. මේ හරහා ඔබේ සිරුරේ බර අඩු කරගනිමින් හැඩති සිරුරක් ඔබටත් ලබා ගන්න පුළුවන්.

Cardio Exercise කිරීම තුළින් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඔබට අත්කරගත හැකි අතර ප්‍රධාන වාසි කිහිපයක් වශයෙන් පහත කරුණු දක්වන්න පුළුවන්.

ඒ අනුව විනාඩි 20ක් තුළ කළ හැකි ඔබේ ශරිරය් බර වේගයෙන් අඩු කරන Cardio Exercise කිහිපයක්

පළමුව අත් දෙක දෙපසින් තබා ගෙන සෘජුව සිට ගැනීම

ඉන්පසුව දෙපා මදක් ඈත් කර උඩ පැනීම

එයට සමානව ඇත දෙක ඉහළට එසවීම හා පහත දැමීම කළ යුතුයි

පළමුව සෘජුව සිටගන්න

ඉන්පසුව දෙපා මදක් ඈතින් තබා ගන්න

පසුව ඒ ඉරියව්වෙන්ම මදක් උඩ පනින්න

පාදවලට සමාන්තරව අත් දෙකද දෙපැත්තට රූපයේ පරිදි යොමු කරන්න

Seal Jack ව්‍යායාමය සිදු කළ ඉරියව්වෙන් පළමුව සිට ගන්න

ඔබේ ඉහළට පනිද්දී ඔබේ හිසට ඉහළින් ඔබේ දෑත් ඉහළට, පිටුපසට සහ දෙපැත්තට කරකවන්න.

තත්පර 20 ක් සඳහා මෙය දිගටම කරගෙන යන්න.

පළමුව හොඳින් බිම දිගා වන්න

පසුව අත් සහ පාද භාවිතයෙන් මදක් ඉහළට එසවෙන්න.

Downward Dog to Plank Reach

පළමුව මුණින් අතට බිම දිගා වන්න

පසුව කකුල් සහ අත් භාවිතා කරමින් මදක් ඉස්සෙන්න

පසුව රුපයේ පරිදි අත් මාරු කරමින් පාද වෙත යොමු කරන්න

තත්පර 30 ක් පැති මාරු කරමින් මෙම ව්‍යායාමය දිගටම කරගෙන යන්න

මෙම ව්‍යායාම සිදු කිරීමට පෙර ඇඟ ලිහිල් කිරීමේ ව්‍යායාම සිදු කරන්න

නියමිත කාලයට පමණක් කරන්න

මෙම ව්‍යායාම සිදු කරන ගමන් සමබර ආහාර වේලක් ගැනීම ,හොඳින් වතුර පානය කිරීම වැනි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට අමතක නොකරන්න

ඒ අනුව දිනකට විනාඩි 20ක් පමණ මෙම ව්‍යායාම සිදු කර ඔබත් වෙනස අත් විඳින්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here