විනාඩි පහෙන් healthy sandwiches හදමු

0
12


සැන්ඩ්විචස් කියන්නෙ ඕනෑ ම ආහාර වේලකට පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාරයක්. හැබැයි පහසු තරමට ම සෞඛ්‍යාරක්ෂිත ද කියන එකත් අපි බලන්න ම ඕනෙ. ඉතින් අද අපි මේ අරන් එන්නේ පහසුවෙන් හදාගන්න පුළුවන් healthy sandwich recipes කීපයක්. මේ හැම රෙසිපි එකකට ම ගන්න පාන් වර්ගය දුඹුරු පාන් හෝ ධාන්‍ය සහිත පාන්නම් මේ ආහාර වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි.

Egg Sandwiches

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති හතරක්
තැම්බූ බිත්තර දෙකක්
සිහින්ව කපන ලද ලූණු ටිකක්
සිහින්ව කපන ලද අමුමිරිස් ටිකක්
හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක්
ලුණු
ගම්මිරිස්
දෙහි

හදන්නේ මෙහෙමයි

බිත්තරය තරමක් ලොකු කෑලි සිටින සේ පොඩි කරගන්න. තක්කාලි පොඩි නොවන සේ කැබලි ලෙස කපා ගන්න. දැන් අමුද්‍රව්‍ය සියල්ල එකට එක් කරන්න. ඉන්පසු එය පාන්වල තවරා ගන්න.

Vegetable Sandwiches

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති කීපයක්
තම්බා පොඩි කළ කැරට් අල බාගයක්
තම්බා පොඩි කළ බීට් අල බාගයක්
තම්බා පොඩි කළ අල ගෙඩියක්
තම්බා පොඩි කළ ග්‍රීන්පීස් ටිකක්
බටර්
ලුණු
ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

තැම්බූ එළවලු වෙනම භාජනවලට දමා සෑම එකට ම රස අනුව ලුණු සහ ගම්මිරිස් එක් කරන්න. බීට් සහ කැරට්වලට දෙහි බින්දුව බැගින් එකතුකරන්න. සෑම බඳුනකට ම බටර් එක් කරන්න. දැන් මේ මිශ්‍රණය පාන්පෙති වල වෙන වෙනම තවරා එකට තබා කපා ගන්න.

Chicken Sandwiches

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති දෙකක්
තැම්බූ චිකන් කැබැල්ලක්
ලුණු
ගම්මිරිස්
දෙහි
කුඩාවට කපන ලද ලූණු සහ අමුමිරිස්
බටර් හැන්දක්

හදන්නේ මෙහෙමයි

චිකන් ටික ඉතා කුඩා වන සේ අඹරා ගන්න. දැන් ඉතිරි සියලු අමුද්‍රව්‍ය හා එකතු කරන්න. පාන්පෙති වල තවරා ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here