ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය ඔක්තෝබර් මාසය අවසානයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 6216ක් දක්වා සුළු වශයෙන් අඩු වී ඇත.
මෙය ඉකුත් සැප්තැම්බර් මාසය අවසානයේ දී පැවති නිල සංචිත වත්කම් වටිනාකම වූ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 6244 හා සැසඳීමේ දී සියයට 0.44 ක සුළු අඩු වීමකි.
මෙම පහළ යාම සඳහා නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන, විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා සියයට1.3 කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
මේ අතර 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා සියයට 36.6ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media







