
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අද (අප්‍රේල් 10) දින නිකුත් කරන ලද විශේෂ නිවේදනයකට අනුව, අප්‍රේල් මස 15, 16 සහ 17 යන දිනවල දී විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් සීමා කෙරෙන බව දන්වා ඇත.
එම නිවේදනයට අනුව, සඳහන් දිනවල දී ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහ්න 12.00 දක්වා පමණක් සිදු කෙරෙන අතර,
සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන පැය 24 එක්දින සේවාව එම දිනවල දී ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් දන්වා ඇත.
මෙම වෙනස්කම් හේතුවෙන් විදේශ ගමන්බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් තම කටයුතු ඒ අනුව සැලසුම් කර ගත යුතු බව දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.
සාමාන්‍ය සේවා කාලයන් යථා තත්ත්වයට පත්වන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
Saru FM Media