මේ දිනවල රුමේනියාවේ නිල සංචාරයක නිතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සහ රුමේනියාවේ විදේශ කටයුතු ඇමති Oana Toiu අද (02) එරටදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.
ඒ දෙරටේ විදේශ කටයුතු ඇමතිවරු අතර පැවති දිවිපාර්ශවික සාකච්ඡාවකින් අනතුරුවය.
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1957දී ආරම්භ වූ බව සිහිපත් කරමින්, මෙම සබඳතාවල 70 වන සංවත්සරය එළඹෙන වසරේ සනිටුහන් කරන බව එම සාකච්ඡාවේදී සිහිපත් කර ඇත.
එමෙන්ම දෙරට අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර දක්වා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද මෙම සාකච්ඡාවේදී රුමේනියාවේ විදේශ කටයුතු ඇමති Oana Toiu හට ඇමති විජිත හේරත් විසින් ආරාධනා කර ඇත.
මෙම ද්වීපාර්ශවික හමුවෙන් පසු එම සාකච්ඡාව පිළිබඳව එරට මාධ්‍ය දැනුවත් කිරිම සඳහා උක්ත සඳහන් ඒකාබද්ධ මාධ්‍ය හමුව පවත්වා ඇත.

10
Saru News
















