විදේශ ඇමති විජිත මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක 

0
2

මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථනයෙන් සාකච්ඡා කළේය. 

ඒ අනුව කටාර්, ලෙබනන්, ජෝර්දාන් සහ කුවේට් යන රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ඔහු සාකච්ඡා කර ඇත. 

එහිදී එම කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ඒ ඒ රටවල් මුහුණ පා ඇති තත්ත්වය සොයා බලමින් සිය ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කළේය. 

මීට අමතරව එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

අමාත්‍ය විජිත හේරත් මහතා ඒ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා රජය භාරගෙන ඇති බවද එහිදී පෙන්වා දුන්නේය. 

හදිසි අවස්ථාවක ඉල්ලා සිටින මානුෂීය සහාය ලබාදීමට ශ්‍රී  ලංකාව නොපැකිලිව කටයුතු කරන බව ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් ඇමති විජිත හේරත්ට අවංක ස්තූතිය පළ කළහ. 

එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවද තවදුරටත් සහතික වූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here