විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 

0
8

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 43ක් වන පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. 

සැකකරු අද (29) අලුයම 02.45ට සාජා නුවර සිට ගල්ෆ් සේවයේ ජී.9-587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 

ඔහු සිය ගමන් මලු දෙක තුළ මෙම දුම්වැටි තොගය සඟවාගෙන පැමිණ ඇති බව සඳහන් වේ. 

මේ වනවිට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඔහු ලබන මස පස්වැනිදා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here