විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට!

0
7


රෂිකා හෙන්නායක

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වේ. ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබුණ අතර, ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 83,600ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බව සඳහන් වේ.

සැකකරු සම්බන්ධයෙන් ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වේ.

තවද, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මෙම මස 13 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන මෙහෙයුමට අදාළව මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 331 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයින පුරා සිදුකල වැටලීම් 331කදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීම්වලදී , හෙරොයින් ග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් 157කට අධික ප්‍රමාණයක් සහ ගංජා කිලෝ 8කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 410ක් ද ඊයේ සිදු කෙරුණු වැටලීම්වලදී පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here