විදෙස් රටවල සිටින පකිස්තානු සංචාරකයින් රැසක් පිටුවහල් කෙරේ

0
2


විවිධ රටවලින් පිටුවහල් කරන ලද පාකිස්තාන යාචකයින් සංඛ්‍යාව පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් අනාවරණ කර තිබේ.

ජාතික සභාවට ඉදිරිපත් කරන ලද ලිඛිත ප්‍රකාශයකට අනුව, 2024 සිට පාකිස්තාන යාචකයින් 5,402 දෙනෙකු විදේශයන්හි සිට පිටුවහල් කර ඇත. 

මෙම යාචකයන් පිටුවහල් කළ රටවල් අතරට සෞදි අරාබිය, ඉරාකය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ඕමානය ඇතුළත් වේ. 

2024 දී පමණක් පකිස්ථාන යාචකයින් 4,850ක් ආපසු හරවා එවා ඇති අතර, බහුතරයක්, 4,498ක් සෞදි අරාබියෙන් සහ 242ක් ඉරාකයෙන් පිටුවහල් කර ඇත.

මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අනෙකුත් රටවල් පිළිවෙළින් යාචකයන් 55ක් සහ 49ක් ලෙස කුඩා සංඛ්‍යාවක් පිටුවහල් කර ඇත.

2025 දී විවිධ රටවලින් පකිස්තාන යාචකයින් 552 ක් පිටුවහල් කර තිබේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් වාර්තා කරන ලද පරිදි මෙයට සෞදි අරාබියෙන් 535 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 9 ක් සහ ඉරාකයෙන් 5 ක් ඇතුළත් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here