විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

0
5

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 39 ලක්ෂ 15 දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (11) අලුයම සිදුකළ රේගු මෙහෙයුමකදී, රේගු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයා 35 හැවිරිදි චීන ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර අද අලුයම 12.50ට කටුනායකට පැමිණ ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

ඔහු රැගෙන ආ ගමන් මළු 2ක් තුළ දුම්වැටි 26,100ක් සඟවා තිබූ අතර, රේගු නිලධාරීන් විසින් සිදුකළ විධිමත් පරීක්ෂාවකින් ඒවා හෙළිවී ඇත.

එම දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර, සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here