විදුලි සේවකයෝ ලෙඩින්

0
6

අද (17) සහ හෙට (18) දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

එම සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිවයි.

එමෙන්ම ඔවුන් මේ දක්වා සිදුකරගෙන ආ කුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ද මේ වනවිටත් ක්‍රියාත්මකයි.

අසනීප නිවාඩු වාර්තා කරන විදුලි සේවකයින් අද සහ හෙට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබේ.

විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති පැවසුවේ අසනීප නිවාඩු වාර්තා කරන විදුලි සේවකයින් අද සහ හෙට දින දෙක තුළ කොටස් දෙකකට කොළඹට පැමිණ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණයේ නිරතවීමට නියමිත බවයි.

විදුලි වෘත්තිය සමිති පවසන්නේ විදුලිය බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් ආදී සේවාවන් රාජකාරී වේලාවේ පමණක් සිදුකරන බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here