විදුලි බල මණ්ඩලයේ ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති එක්ව අද (24දා) දහවල් අවසන් තීරණයක් ගන්නා බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා කීය.
ඒ අනුව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Saru FM Media