විදුලි රිලවා නැවත ක්‍රියාත්මකයි; ළඟදීම රටම අඳරට යා හැකියි

0
4

විදුලිය බෙදාහැරීමේ පද්ධතිය (Power Grid) වසර කිහිපයක සිට යවත්කාලීන නොකිරීම හේතුවෙන් සූර්ය බලයෙන් ලබා ගන්නා විදුලිය ගබඩා කිරීමට නොහැකිව එම කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි වාර්තා වේ.

මේ අවශ්‍යතාව විදුලි ඉංජිනේරුවන් විසින් වසර කිහිපයකට පෙර සිට පෙන්වා දී ඒ සඳහා විදුලිය ගබඩා කිරීමේ බැටරි පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලැසුම් ද අනුමත වී තිබියදී මෙය දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව පැවසේ.

වත්මන් ආණ්ඩුව විසින් ද පසුගිය වසර පුරාම අදාළ බැටරි පද්ධතිය ස්ථාපිත කිරීමට ටෙන්ඩර් නොදමමින් මේ දක්වාම කටයුතු කරමින් සිටින බවද විදුලි බල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රිලවා නැවත පැණිය හැකියි!

මේ අතර, මෙරට විදුලි පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය ආරක්ෂිත රිලේ (Safety Relay) යවත්කාලීන කර නොමැති බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වැඩ බාර ගැනීමෙන් සති දෙකකට පමණ පසුව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි පද්ධති පාලකවරයා (CEB System Controller) විසින් ලිඛිතව දන්වා තිබුණ ද ඒ සඳහා ද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් මාස කිහිපයක සිට සූර්ය විදුලි පැනල විදුලිය හා කුඩා ජල විදුලි බලාගාර විදුලිය පද්ධතියෙන් කපා හරිමින් අතීසාරයට අමුඩ ගැසීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටින බව විදුලි ඉංජිනේරුවෝ කියති.

කෙසේවුවද, සූර්ය පැනල මගින් විදුලිය ලබා ගන්නා බවට පොරොන්දු දී ඒවා විසන්ධි කිරීම නීති විරෝධී බව පවසමින් මේවන විට සූර්ය පැනල මගින් විදුලිය සපයන පුද්ගලයන් නඩු පවරා ඇති බවද මේ අතර වාර්තා වේ.

එසේම, වහලය මත සවිකරනු ලබන සූර්ය විදුලිය ලබා ගැනීමේ පැනල සවි කිරීමට විදුලි බල මණ්ඩලය අනුමැතිය දීම ද අත්හිටුවා ඇති බව පැවසේ.

කාංචන විජේසේකර විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයාව සිටි සමයේදී සූර්ය පැනල මගින් විදුලිය නිෂාදනය කිරීමේ සමාගම් දහසකට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් දැන් එය 50ත් 80ත් අතර ප්‍රමාණයක් දක්වා පල්ලම් බැස ඇතැයි ද වාර්තා වේ.

හැටදාහකට රස්සාවල් නැති වෙලා

සූර්ය විදුලිය සම්බන්ධ පළපුරුදු තාක්ෂණික දැනුම සහිත හැට දහසක් පමණ වන පිරිසකට මේවන විට රැකියා අහිමිව ඇති බවද පැවසේ.

නව විදුලි පනත ගෙනාවොත් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය ෆැලැට්

මේ අතර, පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ පෙරමුණේ සම කැඳවුම්කරු සංඛ චන්දිම මහතා පවසන්නේ විදුලි ප්‍රතිපත්තියක් සකස් කිරීමට පෙර බලශක්ති ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු කිසිදු පාර්ශවයකට කිසිදු අදහසක් නොමැති බවයි.

බලශක්ති ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට මෙහි විදුලි ප්‍රතිපත්තිය සකසා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සභාපතිවරයා වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා බවත්, වත්මන් විදුලි ප්‍රතිපත්තිය සම්මත කලොත් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය සමතලාම වන බව කියා සිටී.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here