විදුලි බිල වැඩි කිරිම නතර වූයේ අපි නිසායි – විපක්ෂ නායක

0
2

ආණ්ඩුව සහ විදුලි බල මණ්ඩලය අයි.එම්.එෆ් උපදෙස් සහ කොන්දේසිවලට අනුව සියයට 6.8කින් විදුලි බිල වැඩි කරන්න ගිය අවස්ථාවේ තමා ඇතුළු සජබය රට වටේ ගොස් විදුලි බිල වැඩි කළොත් මහපාරට බහිනවා යැයි කියු නිසා අද උදේ පාන්දරම ආණ්ඩුවේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14දා) මහනුවර දී මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවැති හමුවකදීය.

විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරිම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරිම බවත් මහජන උපයෝගීතා කොමිසම මේ ගත් තීන්දුව සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ආණ්ඩුවේ අසාධාරණ විදුලි බිල වැඩි කිරිම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බවත් මාස 3කට විදුලි බිල වැඩි වීම අත්හිටුවීම පමණක් නොව ඉදිරි දින සති කිහිපය තුළ විදුලි බිල සියයට 33කින් අඩුවිය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගිය මැතිවරණ වේදිකාවල කියූ ආකාරයට රු.9000 බිල රු.6000ත් රු.3000 බිල රු.2000 දක්වා සියයට 33කින් අඩුවිය යුතු බවත් කීය.

එසේ නොකළහොත් මෙරට ජනතාව සමඟ මහපාරට බැස අරගල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here