ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:විදුලි ගාස්තු සංශෝධනවලදී ද ගල් අගුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකරන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒකමතික තීරණයක් ගෙන තිබේ.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලනුයේ විදුලිය ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සදහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදීද ගල් අගුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බව ප්‍රකාශ කරයි.
ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදී ද ගල් අගුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුලත් නොකිරීම සදහා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇති බව නිවේදනය කරයි.
ආනයනික ගල් අන්ගුරුවල ප්‍රමිතියේ මතුවූ ගැටළු හේතුවෙන් නිසි ධාරිතාවට විදුලි ජනනය නොවුණු අතර ඒ අනුව එම පිරිවැය මහජනතාවගේ විදුලි බිලෙන් දැරීමට සිදුවන බව පසුගිය දිනවල විපක්ෂය විසින් සංවාදයට ලක්කර තිබුණි.
රජය විසින් එය ප්‍රතික්ෂේප කළද විපක්ෂය සිය මතය ඉවත් කර නොගත් නමුත් මේ වන විට විදුලි ගාස්තු සංශෝධනයේ තීරකයා ලෙස කටයුතු කරන මහජන උපයෝගිතා කොමිසම විසින් අදාළ දැනුම් දීම මහජනතාව වෙත ලබා දී ඇත.

The post විදුලි බිල ගැන PUCSL වෙතින් විශේෂ තීරණයක්! appeared first on LNW Sinhala.
Saru News
















