විදුලි බිල ගැන රතු එළි…

0
3

facebook sharing buttonරෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ LNW :

රජයේ ප්‍රමුඛතම අරමුණ වන්නේ රටට අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම බව, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

නමුත්, පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු ඇතුළු බලශක්ති මූලාශ්‍රවල මිල ඉහළ යාම මෙරට බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

සාමාන්‍ය කාලපරිච්ඡේදවලට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන්, ඉදිරි විදුලි ගාස්තු සහ තෙල් මිල තීරණය කිරීමේදී මෙම වෙළෙඳපොළ විචල්‍යයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට රජයට සිදුවේ.

මීට අමතරව, ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින වාර්තා විමර්ශනය කරමින් කාර්යක්ෂම බලශක්ති කළමනාකරණයක් පවත්වා ගැනීමට රජය කැපවී සිටියි.

පරිභෝජන රටාවන්හි වෙනස්වීම් හඳුනා ගනිමින් ජනතාවට බාධාවකින් තොරව සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලධාරීන් සූදානමින් සිටින බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

 අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“අපේ ප්‍රධානම ඉලක්කය තමයි අඛණ්ඩව විදුලිය සැපයීම. ඒ සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. එක් එක් මාසවල විදුලිය පරිභෝජනයේ වෙනස්කම් තිබෙනවා. සමහර මාසවලදි විදුලි පරිභෝජනය වැඩියි. ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමහර වාර්තා විමර්ශනයට යොමු කරලා තිබෙනවා අපි ඒවා බලමු කොහොම වුණත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම. ලෝක වෙළෙඳපොළේ සියලු දේම මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ ගල්අඟුරුවල ඉඳලා හැමදේම. අනිත් පැත්තෙන් මෙවැනි තත්ත්වයකදි අපි සිදුකරන ටෙන්ඩර්වලදි සාමාන්‍ය කාලවලදි එන මිල ගණන් නෙමෙයි මේ ගැන සලකලා බලලා තමයි තෙල් මිල වේවා, විදුලි බිල වේවා සියල්ල තීන්දු කරන්න වෙන්නේ.”

The post විදුලි බිල ගැන රතු එළි… appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here