විදුලි බල සේවකයින් පිරිසක් මාර්තු සිට 40%ක වැටුප් වැඩිවීමක් ඉල්ලති – Saru News | සිංහල

0
3

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති නව ඉල්ලීම්වලින් ඇතැම් ඒවා ඉටු කිරීමට ගියහොත්, පාරිභෝගික විදුලි බිල 100%කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව විදුලි සමාගම්වල සභාපතිවරු සඳහන් කරති.

පසුගිය කාලසීමාව තුළ විදුලි සේවකයන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 64ක් අතුරින් 62ක්ම ලබා දීමට පියවර ගෙන තිබියදී, සේවක වෘත්තීය සමිති විසින් තවත් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

විදුලි සමාගම්වල සබාපතිවරු මේ බව සඳහන් කරන ලද්දේ, එම ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිණි.

සේවකයන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් අතර මාර්තු මාසය වනවිට වත්මන් වැටුපෙන් 40%ක ප්‍රමාණයකින් වැඩි කිරීම, දැනට ගෙවන ජීවන වියදම් දීමනාව මූලික වැටුපට එකතු කිරීම සහ විශ්‍රාමිකයන් සඳහා ලබා දෙන දීමනාව 50%කින් ඉහළ නැංවීම. යෝජනා කර ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනා ඉටු කිරීමටනම් විදුලි බිල 100%ක් ඉහළ දැමීමට සිදුවන බව විදුලි සමාගම්වල සභාපතිවරු අවධාරණය කරති.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here