විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

0
3


විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ. 

ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයේ වැඩ භාරගනු ලැබුවා. 

බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු – ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයක සේවය කර තිබෙනවා. 

ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා 2004 වසරේ සිට 2008 වසර දක්වා ජාතික බලශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here