විදුලි බල ගබඩා බැටරි පද්ධතියක් ඉදිරි මාස 6තුළ ඉදිකරන බව විදුලි බල ඇමැති කියයි

0
2

ලංකාවේ පළමු මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම ඉදිරි මාස 06ක් තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියයි.

ඊයේ (17) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී සුරංග රත්නායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නුදුරේදීම තවත් මෙගාවොට් 300ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ඉදිකිරීමට ටෙන්ඩර කැදවන බවත් ඔහු පැවසීය.

එසේම, “බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරනව.” බවද ඔහු කීය.

තවද පුනර්ජනනීය බලශක්තිය උපරිම වශයෙන් විදුලිබල පද්ධතියට ලබාගැනීම සදහා සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කරන අතරම ඉදිරියේදී තෝරාගත් ඉඩම්වල සූර්යබලශක්ති බලාගාර පිහිටුවීමේදී ඒ ආශ්‍රිතවම බැටරි ගබඩාකරණ පද්ධතිද ඉදිකිරීමට අවශ්‍යය මූලික පියවර ගනිමින් සිටින බවද ඔහු එහිදී අවධාරණය කළේය.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here