විදුලි පනත යළි සලකා බැලීමට අනුමැතිය

0
9


දැනට ක්‍රියාත්මක විදුලිබල පනත යළි සලකා බැලීම⁣ට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා .

2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි සඳහන් වන්නේ .

එම කමිටුව විසින් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්ව කරුවන්ගේ අදහස් විමසීමට පියවර ගනු ලැබ තිබෙනවා .

ඒ අනුව, දැනුම් හුවමාරු සැසි පැවැත්වීමටත්, අදහස් හා යෝජනා ලිඛිතව ලබා ගැනීමටත් කටයුතු කර ඇති අතර, පාර්ශ්වකරුවන් 59 දෙනකු විසින් අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කර තිබෙනවා .

ඊට අමතරව, විදුලි බල ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ලබන සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් මෙන්ම විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ද අදහස් ලබා ගෙන ඇති බව සඳහන් .

එකී අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විශේෂඥ කමිටුව විසින් 2024 අංක 36 දරන විදුලිබල පනත සඳහා යෝජිතසංශෝධන ඇතුළත් අවසන් වාර්තාව ඉදිරිපත් කරතිබෙනවා

එකී වාර්තාවේ ඇතුළත් නිර්දේශ මත පදනම්ව, විදුලිබල පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here