වත්තල, මාබෝල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ මාබෝල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස විදුලි සැර වැදී ඇති බවය.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
එම තෙමහල් ගොඩනැගිල්ල අසල අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පිහිටා ඇති අතර එමගින් මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Saru FM Media