විටමින් C වලින් ලැබෙන මේ විශ්මිත ප්‍රතිඵල ගැන ඔබ දැනුවත්ද?

0
13


විටමින් C කියන්නෙ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් වර්ග වලින් එකක්. 

ඒ කියන්නෙ අපේ ශරීරයට විටමින් C නිපදවීමේ හැකියාවක් නැහැ ඒ නිසා, විටමින් C පිටතින් ලබා ගැනීම අනිවාර්යයි කියලයි. 

දොඩම්, ස්ට්‍රෝබෙරි, කිවි, බෙල් පෙපර්, බ්‍රොකලි, නිවිති වගේ එළවළු පළතුරු බොහොමයක ජලද්‍රාවී විටමිනයක් වන විටමින් C අඩංගු වෙලා තියෙනව. 

වැඩිහිටි කාන්තාවකගේ දෛනික විටමින් C අවශ්‍යතාව 75 mg ක් ද වැඩිහිටි පිරිමියෙකුගේ දෛනික විටමින් C අවශ්‍යතාව 90 mg ක්ද වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

විටමින් C අඩංගු ආහාර මඟින් මේ විටමින් C අවශ්‍යතාව සපුරා ගන්න කියල උපදෙස් ලැබුණත්, විටමින් C අඩංගු ආහාර අතිරේක මඟින් මේ පෝෂණ අවශ්‍යතාව සපුරා ගන්නත් සමහර පුද්ගලයන් කටයුතු කරනව අපිට දකින්න පුළුවන්. 

ඉතිං, අපි බලමු මේ විටමින් C අපේ ශරීර සෞඛ්‍යයට කොතරම් වැදගත්ද කියල. 

නිදන්ගත රෝග ඇතිවීමේ අවධානම අඩු කරයි 

විටමින් C කියන්නෙ ඔබේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය ශක්තිමත් කරන්න පුළුවන් හරිම ප්‍රභල ඇන්ටිඔක්සිඩන්ට් වර්ගයක්. 

ඇන්ටිඔක්සිඩන්ට් වලට ශරීරයේ සෛලවලට හානිකරන free radicals විදිහට හඳුන්වන සංයෝග වලින් අපේ සෛල ආරක්ෂා කරන්න හැකියාව තියෙනව. 

රුධිරයේ අඩංගු Free radicals ප්‍රමාණය වැඩි වුනාම රුධිරයේ oxidative stress ඉහළ ගිහින්  නිදන්ගත රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩියි. 

විටමින් C වැඩිපුර ආහාරයට ගැනීම මේ oxidative stress අඩු කර ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රතිශතය 30% කින් පමණ ඉහළ නංවන්න හේතු වෙනව කියලත් පර්‍යේෂණ වලින් සොයාගෙන තියෙනව කියලත් සඳහන් වෙනව. 

රුධිර පීඩනය ක්‍රමවත් කරයි

අධි රුධිර පීඩනය කියන්නෙ අද බොහොම සුලභව අහන්න ලැබෙන සෞඛ්‍ය ගැටළුවක්නෙ. 

අධි රුධිර පීඩනය නිසා හෘදයාබාධ සහ වෙනත් හෘදය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමේ අවධානමකුත් තියෙනව. 

බාහිරින් ලබාදුන් විටමින් C අතිරේක මඟින් අධි රුධිර පීඩනය සහිත පුද්ගලයන්ගේ රුධිර පීඩනය අඩු කරගන්න හැකියාව ලැබී තිබෙන බව පර්‍යේෂකයන් සඳහන් කරනව. 

මේ ප්‍රතිඵල දීර්ඝකාලීන වුනත් අධි රුධිර පීඩනය සඳහා විටමින් C පමණක් ගැනීම ප්‍රමාණවත් නෑ වගේම සුදුසුත් නෑ කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

හදවත් රෝග ඇතිවීමේ අවධානම අඩු කරයි

අද ලොව පුරා සිදුවෙන මරණ වලට බලපාන ප්‍රධාන හේතු අතරින් එකක් විදිහට හදවත් රෝග හඳුන්වන්න පුළුවන්. 

හදවත් රෝග ඇතිවීමේ අවධානම වැඩි කරන්න අපි ඉහතින් කතා කරපු අධි රුධිර පීඩනය, රුධිරයේ LDL (නරක කොලෙස්ටරෝල්) ප්‍රමාණය ඉහළ යාම සහ HDL (හොඳ කොලෙස්ටරෝල්) ප්‍රමාණය පහළ යාම වගේ හේතු හඳුනාගන්න පුළුවන්. 

රුධිරයේ යූරික් ඇසිඩ් මට්ට්ම අඩුකර රක්තවාත ප්‍රදාහය වළක්වයි 

රක්තවාතය කියන්නෙ සුලභව දකින්න ලැබෙන ආතරයිටීස් වර්ගයක්. 

දැවිල්ලක් ආකාරයට වේදනා දෙන සන්ධි සහ ඉදිමීම වගේ රෝග ලක්ෂණ නිසා රක්තවාතය කියන්නෙ ඉතාම වේදනාකාරී අත්දැකීමක් කියල ඒ රෝගයෙන් පීඩා විඳින ඕනැම කෙනෙක් පිළිඟන්න කාරණාවක්. 

රක්තවාතය ඇතිවෙන්නෙ රුධිරයේ යූරික් ඇසිඩ් මට්ටම ඉහළ යාමෙන් කියලයි සඳහන් වෙන්නෙ. විටමින් C රුධිරයේ යූරික් ඇසිඩ් මට්ටම අඩු කර රක්තවාතය ඇතිවීමෙ ඉඩකඩ අවම කරන්න හේතු වෙනව කියල පර්‍යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. 

යකඩ ඌනතාවය වළක්වා ගැනීමට උපකාරී වේ

යකඩ කියන්නෙ රතු රුධිර සෛල සෑදීමට සහ ශරීරය පුරා ඔක්සිජන් ප්‍රවාහනය ඇතුළු ශරීරයේ විවිධ කර්තව්‍යන් ඉටු කරන්න ඉතාම වැදගත් මෙහෙයක් ඉටුකරන පෝෂකයන් අතරින් එකක්. 

විටමින් C අපි ගන්නා ආහාර වල අඩංගු යකඩ ශරීරයට අවශෝෂණය කර හැකි තත්වයන්ට පත් කරන්නත්, ශරීරයට අවශෝෂණය කරන්නත් උපකාරී කරනවා. 

ශාක ආහාර වල අඩංගු යකඩ මෙලෙස ශරීරයට අවශෝෂණය කළ හැකි තත්වයට පත්කර අවශෝෂණය කරවන නිසා මස් මාංශ අනුභව නොකරන පුද්ගලයන්ට විටමින් C අඩංගු ආහාර අනුභවය ඉතාම වැදගත් වෙන්නෙ මේ නිසයි. 

එමඟින් යකඩ ඌණතාවය නිසා ඇතිවෙන රක්තහීනතාවය වැනි සෞඛ්‍ය තත්වයන් වළක්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. 

ප්‍රතිශක්තීකරණය වර්ධනය කරයි

බොහෝ දෙනා විටමින් C අඩංගු ආහාර සහ ආහාර අතිරේක ගන්න ප්‍රධානම හේතුව විදිහට ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට හැකියාව හඳුනාගන්න පුළුවන්. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here