විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට කල් යයි

0
7

විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් මේ දිනවල කරුණු අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පස්වන වරටත් ව්‍යවස්ථාදායක සභාවට විගණකාධිපති ධුරය සඳහා පුද්ගලයෙකුගේ නමක් යෝජනා කර එවා තිබුණි.

ඒ අනුව අද දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද එළැඹෙන අඟහරුවාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (31) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ

“විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ජනාධිපතිවරයා අලුත් නමක් එවලා තියෙනවා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් ඕනේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here