Friday, May 23, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් විගණකාධිපති තනතුරට නම දුන් ජනපතිගෙ කැලණි ජූනියර් බැච් චන්දනගෙ නම කැපේ

විගණකාධිපති තනතුරට නම දුන් ජනපතිගෙ කැලණි ජූනියර් බැච් චන්දනගෙ නම කැපේ

0
3


the-name-of-chandana-the-junior-batch-of-the-presidents-kelani-who-was-nominated-for-the-position-of-auditor-general-has-been-removed

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති තනතුර සඳහා යෝජනා කරනු ලැබූ එච්.ටී.පී. චන්දන මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21) ප්‍රතික්ෂේප කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන චන්දන මහතාගේ නම මෙම තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 21 වැනිදා පැවැත්වූ රැස්වීමේදී මෙම නාම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වනු ලැබිණ. අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, පාර්ලිමේන්තු කථානායක බිමල් රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආතම්බාවා මහතා යන තිදෙනා මෙම නාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඊට විරුද්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සහ සිවිල් සමාජය නියෝජනය කරන නියෝජිතයන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ. එස්. සිරිතරන් මහතා පමණක් එම රැස්වීමට සහභාගී වී නොසිට්යේය.


මෙම ප්‍රතික්ෂේප කිරීමට අනුව තවත් නමක් යෝජනා කිරීමට රජයට සිදුවන බව වාර්තා වෙයි. නව නාම යෝජනාව ලැබුණු පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත රැස්වීමට නියමිතව ඇත.
විගණකාධිපති තනතුර සඳහා දෙපාර්තමේන්තුවට පිටින් පුද්ගලයෙකු පත් කිරීමට රජය ගනු ලබන උත්සාහයට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දැඩි විරෝධතා පළ කර ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සිටින අවස්ථාවේ බාහිරින් පුද්ගලයෙකු පත් කිරීම වැරදි ක්‍රියාවක් බව විරෝධකරුවන් පෙන්වා දෙති.
මාසයකට වඩා දිගු කාලයක් පටන් පුරප්පාඩුව තිබෙන විගණකාධිපති තනතුර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කර ඇත්තේ ජනාධිපතිවරයා කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ ඔහුට පහළ වසරක ඉගෙනුම ලැබූ අයෙකු පත් කිරීමට සූදානම් වූ බවයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර පහක පමණ විගණන අධ්‍යක්ෂ පළපුරුද්දක් ඇති අයෙකු එම තනතුර සඳහා පත් කිරීමට උත්සාහ කළ බව ද ඔහු සඳහන් කළේය.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ 20 දිනයේදී අදාළ තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳව අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බවයි. විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටියදී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
“තාම විගණකාධිපතිවරයෙක් පත් කරලා නැහැ. ඊයේ කථානායකතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාම කිව්වා, ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා තිබෙනවා, පෙරේදා එක්කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉන්දැද්දී, වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවාද කියලා මේ ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවෙන්” යයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
විගණකාධිපතිවරයා ස්වාධීන ආයතනයක් බව සහ එම ස්වාධීන ආයතනයෙන් බලාපොරොත්තු වන කටයුතු ඉෂ්ට වන බව බලාපොරොත්තු කරන බව මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here