විකෘති කාමාශාවන් ඇති පුද්ගලයන් වෙත කාන්තාවන් මුදලට අලෙවි කරන බව කියන වෛද්‍යවරයකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුල්ලේරියාව ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවන් තිදෙනකු ද සමගින් බව පොලිසිය සඳහන් කළේය.
එහි කාන්තාවක් රුපියල් දස දහසක මුදලකට අලෙවි කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ස්ථානයට යන පිරිමි පුද්ගලයන්ට තම විකෘති ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා එහිදී අවස්ථාව සලසා දී සැකකරු විසින් මුදල් ලබාගැනීම සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
Saru News















