ස්පයිස් ගර්ලස් ගායිකා සහ ඇඳුම් නිර්මාණ ශිල්පිනී වික්ටෝරියා බෙකම් ඉතාමත් කාර්ය බහුල තාරකාවක්. පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම් සහ දරුවන් සිව්දෙනා ද සමඟ සමබර ජීවන රටාවක් ගෙන යන ඈ සිත් ඇදගන්නා පෙනුමක් පවත්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් දක්වන්නියකි. මේ සම්බන්ධයෙන් ඇය මෑතක දී අන්තර්ජාල සඟරාවකට දැක්වූ අදහස් පහත දැක්වේ:
“හොඳ මේද සඳහා අලිගැට පේර, සැමන්, ඇට වර්ග සහ ධාන්‍ය වර්ග බොහොමයක් ආහාරයට ගන්න” යැයි ඇය පවසනවා. ඔමේගා-3 මේද අම්ල බහුල ආහාර මඟින් හෘද රෝග, මානසික පීඩනය, ඩිමෙන්ශියාව හා ආතරයිටිස් අවදානම අඩු කර ගත හැකි අතර සමේ පටක අලුත්වැඩියා කර, තරුණ පෙනුම රැක දෙයි.
“ඔබ වයසින් වැඩි වන තුරු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව කොතරම් වැදගත්ද කියා ඔබ සිතන්නේ නැහැ” කියා ඇය පවසනවා. සෞඛ්‍ය සම්පන්න සම රැකවරණ චර්යාවක් අනුගමනය කිරීමට හිරු ආවරණ ක්‍රීම් (sunscreen) ගැල්වීම, වැඩියෙන් වතුර බීම, ක්ලෙනස් කිරීම, සමේ තෙතමනය රැක ගැනීමට මොයිස්චරයිර් කිරීම කෙතරම් අත්‍යාවශ්‍ය දෙයක්ද යන්න ඇය අවධාරණය කරනවා.
බෙකාම් සිය සැමියාට ඇතුළු පවුල හට ඇයට කොන්දේසි විරහිතව ලබා දෙන සහාය සඳහා ස්තූති වන අතර, ඇය විශ්වාස කරන්නේ, “අන් අය මත රඳා නොසිට, ඔබ ඔබවම සවිබල ගැන්විය යුතු” බවයි. “ඔබේ ස්වාමිපුරුෂයා හෝ ඔබේ දරුවන් හෝ වෙනත් අයගෙන් ලැබෙන ප්‍රශංසාව සතුටක්. නමුත් ඔබ ඔබ ගැනම හොඳ හැඟීමක් ඇති කර ගත යුතුයි.”
බෙකම් සැමවිටම උදෑසන ව්‍යායාම කිරීම සඳහා කාලය වෙන් කරනු ලබන සාර්ථක පුද්ගලයින්ගේ ලැයිස්තුවේ සිටින්නීය. “සාමාන්‍ෙයෙන් මම උදේ 6 ට පමණ නැඟිට, ව්‍යායාම කර, දරුවන්ගේ වැඩ කටයුතු ඉටු කර, පාසැලට ඇරලවා, කාර්යාලයට යනවා. මේ සියල්ල ඉටු කිරීමට මගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව ගබා ගැනීම වැදගත්” යයි ඈ පවසනවා.
– කල්හාරී –
Saru FM Media